WhatsAppImage2024-03-12at231940_1db2bdd2.jpeg
WhatsAppImage2024-03-12at231932_6142cbd9.jpeg
WhatsAppImage2024-03-12at231933_1dff86c9.jpeg
Panduwasnuwara Central College

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

සී. එම්. ආර්. චන්ද්‍රසේකර මිය

කුලි/එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක ජාතික පාසල වන අප පාසල දිනෙන් දින විශිෂ්ටත්වය  කරා පිය නගල අප පාසල වයඹ පළාතේ  පඩුවස්නුවර රාජධානිය අසල පිහිටි දීප්තිමත් පාසලකි. අප පාසලේ දියුණුව සදහා අප පාසලේ ගුරුවරුන්ගේ සහ ආදි ශිෂ්‍ය සංගම් ද බෙහෙවින් උපකාරි වේ. සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. වර්තමානය වන විට තොරතුරු තාක්ෂණය හඹාගෙන සමාජයක් බිහි වී ඇති අතර විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

සී. එම්. ආර්. චන්ද්‍රසේකර මිය
නියෝජ්‍ය විදුහල්පති
කුලි/ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය.