පඩුවස්නුවර රාජධානියට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර මැතිවරණ කොට්ටාසයේ පඩුවස්නුවර නම් වන ඓතිහාසික රාජධානියේ නටබුන් සහිත භූමි මධ්‍යයේ වත්මන් එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනයක ජාතික පාසල ලෙස නාමකරණය ලත් අප පාසල පිහිටා ඇත. මෙම ඓතිහාසික පරිසරය තුල වසර 38ක කාලයක් පුරාවට ගොඩනැගුනු අප විද්‍යස්තානය බොහෝ දුෂ්කරතා මද්‍යයේ දැන් පවතින තත්වයට ආ ඇත.
හලාවත - කුරුණැගල ප්‍රධාන මාර්ගයට සමීපව අක්කර 16ක භුමි ප්‍රදේශයක 1985 වසරේ මාර්තු මස 7 වන දින එවකට රත්මුලුකන්ද පුරාණ ගල් ලෙන් විහාරාදිපති සත්කෝරල මහ දිසාවේ ප්‍රධාන සංගනායක ධූරන්දරව වැඩ සිටි අති පූජය හෙණ්ඩියගල ශ්‍රී සීලරතන හිමිපානන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් එවකට පඩුවස්නුවර ජන්ද බල ප්‍රදේශයේ ගරු පාර්ලිමේන්තුව නියෝජනය කල අර්.එම්.කේ.බී රත්නායක මැතිදුන්ගේ පූර්ණ මැදිහත් වීමෙන් අප්‍රතිහත දෛර්‍යයෙන් එවකට ශ්‍රී ලංකා සමජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිදුන්ගේ සුරතින් පඬුවස්නුවර ආදර්ශ මධ්‍ය මහා විද්‍යාලය නමින් දැයේ අභිවෘද්ධිය පතා මෙම විද්‍යාල සිසු අයිතියට පවරා දෙනු ලැබීය. පසුව මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමත් සමග එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනයක ජාතික පාසල බවට පත් කර ඇත.